මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය වැළඳුන ආසාධිතයින් බවට මාස 04 ක් වයසැති බිළිඳෙක් සමග එකම නිවසේ තිදෙනෙක් ඇතුළුව 07 දෙනෙක් අද (07) දා ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී ඉකුත් (05) දා සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වලින් මෙම රොගීන් 07 දෙනා වාර්තා වී ඇත.
මස්කෙළිය සාමිමලේ, ස්ටොක්හෝම් තේ වතුයායේ, ස්කාබ්රෝ කොටසේ එකම නිවසේ මව පියා හා මාස 04 ක් වයසැති බිළිඳකු, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ
මෙම රෝගීන් අතරින් සාමිමලේ, ස්ටොක්හෝම් තේ වතුයායේ, ස්කාබ්රෝ කොටසේ එකම නිවසේ මව පියා හා මාස 04 ක් වයසැති බිළිඳා මසකෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ ආගමික උත්සවය පැවැත් වූ නිවසට පැමිණි ආශ්‍රිතයින් වන බවත්, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ ආසාධිතයින් දෙදෙනා කොළඹ සිට පැමිණි අය බවත්, ස්ට්‍රැත්ස්පී තේ වතුයායේ ආසාධිතයා කොළඹ බේකරියක සේවය කළ අයෙක් ලෙස හඳුනාගෙන ඇති බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම රෝගීන් 07 දෙනා අද (07) දා රෝහල් වෙත රැගෙන යාමට නියමිත බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පවසයි.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval