COVID-19 එන්නත මගින් සෑම කෙනෙකුටම වෛරසයට එරෙහිව එකම මට්ටමේ ආරක්ෂාවක් ලබා නොදෙන බව වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කරයි. එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆවුසි සඳහන් කළේ, "සෑම පුද්ගලයෙකුටම එය අනිවාර්යයෙන්ම
ඵලදායී වන්නේ නැහැ. එබැවින් ඔබ කොතරම් දුරට එන්නත මගින් ආරක්ෂා වී ඇත්දැයි ඔබ දන්නේ නැහැ." යනුවෙනි. එක්සත් ජනපදය හා ජර්මනිය මුලික වූ නව කොරෝනා වෛරසය එන්නත් ද්විත්වයක් දැනටමත් 90%ක් ඉක්මවූ ඵලදායීතාවක් ඇති බව සඳහන් කරන අතර,එන්නත ලබාදීමෙන් පසු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග යම් තරමකින් අඩු කිරීමට හැකි වුවත්, ඔවුන්ව සම්පුර්ණයෙන් අත්හැර දමා ඔවුන්ට රිසිසේ කටයුතු කිර්මට ඉඩ හැරියොත්, ඔවුන් නිසා වෙනත් අය සහ ඔවුන්ගේ පවුල්වල අය අවදානමකට ලක්වීමේ හැකියාව ගැනද දැඩි අවධානයක් යොමුකළ යුතු බව වෛද්‍ය ෆවුසි පවසා සිටියේය. “නව කොරෝනා වෛරසය වැළැක්වීමේ අවි ගබඩාවක එක් මෙවලමක් ලෙස පමණක් මිනිසුන් COVID-19 එන්නත දෙස බැලිය යුතුයි." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval