කොළඹ වරායේ සේවය කළ 22 හැවිරිදි තරුණයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ වීමෙන් පසු ආසාධිතයකු බව දැන දැන එය සගවා තම පෙම්වතියගේ නිවසට ගොස් එහි රැඳී සිටීම නිසා එම පවුලේ පෙම්වතිය, පෙම්වතියගේ බාල සොයුරන් දෙන්නා සහ පෙම්වතියගේ මව යන සියල්ලන් නිරෝධායනයට ලක් කරන්නට සිදුවී තිබේ.
ආනමඩුව ප්‍රදේශයේ නිවෙසකදී මෙම සිදුවීම වාර්තාවී ඇත. ආනමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් අබේරත්න මහතා පවසා ඇති පරිදි මෙම තරුණයා ආණමඩුව මැරුන්ගොඩ මහ උස්වැව එච්. ගම්මානයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.
ඔහු කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී දින තුනකට පෙර කොළඹ දී
තරුණයා පෙම්වතියගේ නිවසට පැමිණීමට පෙර ආනමඩුව සතොසට ගොස් ඇති බවත් තවත් වෙළෙඳසලකට ගොස් එළවළු මිලදී ගෙන ඇති බවත් කියයි. ඒ අනුව ආණමඩුව සතොස ආයතනය ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් විෂබීජහරණය කිරීමට කටයුතු කර තිබුණි. මේ සමගම සතොස ආයතනයේ සේවය කළ සේවකයන් සිවු දෙනෙකු දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කිරිමටද ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබුණි. තරුණයා රැඳී සිටි නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව හා අසාදිත තරුණයාගේ පෙම්වතිය ද නිරෝධායනයට යොමු කිරීමෙන් පසු තරුණයා දංකොටුව රෝහලේ කොවිඩ් ඒකකයට යොමු කරන ලද බවද වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval