
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය අද (09) සිට ඉවත් කළත් පෑලියගොඩ මාළු වෙළඳපොළ විවෘත නොකරන බවත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර වෙළඳපොළ විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය.
මෙම මත්ස්‍ය වෙළඳපොළේ පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වූ බැවින් වෙළෙඳපොළේ සිටින ව්‍යාපාරිකයන්, සේවක පිරිස් හා පාරිභෝගිකයන් කීප දෙනකුද ඇතුළුව 1287 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක්කළ බවත් ඉන් 987 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින්
මෙලෙස කඳවුරුවලට යැවූ සහ නිරෝධායනයට යොමුකළ ව්‍යාපාරිකයන් සහ සේවක පිරිස සුවය ලබා පැමිණෙනතුරු වෙළඳපොළ විවෘත නොකරන බවද ඔහු කීය. ඔවුන් ලබන 20 වැනිදා පමණ වන විට නිරෝධායනය අවසන් වන බැවින් ඉන් පසුව මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඔහු පැවසීය.
කෙසේ නමුත් පෑලියගොඩ ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කරනු ලැබ ඇති බැවින් මෙම ප්‍රදේශයේ ජනතාව නිවාසවලටම සීමාකර ඇති බවද හෙතෙම සඳහන් කළේය. ඉකුත් සතියේදී මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය විෂබීජ හරණයට ලක්කර ඇති බවද කුරේ මහතා පැවසීය.
- ලාල් එස්. කුමාර -
Email ThisBlogThis!Share to TwitterShare to Facebook
Comments
Post a Comment
Your comment will be visible after approval