හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය  පවසයි.

ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ , කුරුසපාඩුව, දකුණු වෙරළ බඩ , එගොඩවත්ත  සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා තිබේ.

මේ ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.

පසුගිය දින 05 ක කාලය තුළට දැනට සංචන සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ නිසා මෙම සිමා පැනවීමට කටයුතු කර තිබේ.

(  එච්. චන්දන )