
ලොරියකට කොට පටවමින් තිබියදී ලොරියෙන් පෙරැළී ආ කොටයකට යටවී ලද තුවාල සහිතව 1990 ගිලන්
සේවා රියකින් කුලියාපිටිය රෝහල වෙත ගෙන යමින් සිටි අයකු අතරමඟදී මියගොස් ඇත.
ඉකුත් 22 වැනිදා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැති මරණ පරීක්‍ෂණයකදී ඒ පිළිබඳව අනාවරණය වූ
අතර නාරංගොඩ හස්තිගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ඒ. ඩී. තිලකරත්න නමැති දෙදරු පියකුගේ
මරණය සම්බන්ධයෙන් වූ එම මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක
එස්. පී. හෙට්ටිගමගේ මහතා පැවැත්වීය.
කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා පශ්චාත් මරණ
පරීක්‍ෂණය පැවැත්වීය.
කුලියාපිටිය - ආර්. එම්. විමලරුවන්
Comments
Post a Comment
Your comment will be visible after approval