කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියත් ඒ සඳහා ‍ෙ
මෙතෙක් කැඳවීමක් කර නැති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කොවිඩ් මර්දන වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටියදී ඔහුව ඉවත් කිරීම ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දනය පිළිබඳව සාකච්ඡාවලට සහභාගී කරගන්නා බවයි.
එහෙත් මේ දක්වාම ඔහුව එවැනි සාකච්ඡාවලට සහභාගී කරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පුවත්පතට දන්වා ඇත.