කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු අද (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්ද, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයන් අතර වෙති.

මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍