සංචාරක ලැගුම්හලක් තුළදී කාන්තාවක ගෙල සිරකර මරා දමා බකමුණ පොලිසියට බාරවූ සැකකරුවකු පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස 24 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොළොක්නරුව මහේස්ත්‍රාත් 
දේවිකා ශ්‍රී ජයවර්ධන මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ බකමුණ, අත්තනකඩවල, කහටගහපිටිය, 507/220 ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද චතුරංග (25) යන අයයි.  නාඋල, ලෙනදොර,  සේරුදණ්ඩාපොල පදිංචි එම්.එම්.  කමලා රංජනී නමැති 41 හැවිරිදි කාන්තාවක මෙසේ  අහිරහස් ලෙස ඝාතනය කර තිබුණි.


2020.11.12 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී පොළොන්නරුව නගරයට ආසන්නයේ පිහිටි සංචාරක ලැගුම්හලක් තුළදී අභිරහස් ලෙස මරා දමා සිටිම කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු එම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මරණකාරිය සහ සැකකරු පෙර දින රාත්‍රියේ ලැගුම්හලට පැමිණ එහි කාමරයක් කුලියට ගෙනන නාවාතැන් ගෙන ඇති බවත් හෙළි වී යැයි ද පසුව ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු කාන්තාවන්ගේ ගෙල සිරකර මරා දමා සැකකරු පලාගොස් ඇති බවත් පොලිසිය කළ විමර්ශනවලදී  අනාවරණය කරගැනීමට හැකි වූ බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කරුණු වාර්තා කළේය.