කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත රුපියල් හැටඅ​ට ලක්ෂ අසූ දෙදහසක්
පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු372 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

ඩොලර් නෝට්ටු මිලදී ගැනීම මුවාවෙන් කන්තලේ වැව බැම්ම උඩ දී මෙම පුද්ගලයන් දෙදෙනා 23
පස්වරුවේ කොටුකරගැනීමට කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිවී තිබේ.


ව්‍යාජව මුද්‍රණය කරන ලද අමෙරිකානු ඩොලර් 100 වටිනාකමකින් යුත් නෝට්ටු 372 මොවුන් සතුව තිබී
ඇත මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එක් අයෙකු දමිල ජාතිකයෙකු ලෙස පසුව මුස්ලිම්
ජාතිකයකු ලෙස පෙනී සිටිමින් ඇති හිටපු එල් ටි ටි ඊ  බුද්ධි අංශයේ නිලධාරියකු බව පොලිසිය  කියයි
.ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා ලාල් චමින්ද නොහොත් ආමි ලාල් නමින්
‍ප්‍රසිද්ද  ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

කාලයක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථානයක මෙම ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ
කටයුතුවල නිරත වන බව මෙම පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

තවදුරටත් මෙම පුද්ගලයන් දෙදෙන ඇමරිකානු ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්
කටයුතු සිදු කරන බව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි පසුව 24 දින මෙම සැකකරුවන්
දෙදෙනා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස