ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අද දහවල් වාර්තා කළද එය සියදිවිනසාගැනීමක් නිසා කොරෝනා මරණයක් ලෙස නොසලකන්නට ඔවුන් පසුව තීරණය කර තිබේ. 27 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකු දිවි නසා ගැනීමක් ලෙස මෙම මරණය සිදු කර ගෙන තිබුනි.
පසුගිය 31 වැනිදා ඔහු පානදුර මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කොරෝනා අසාදිතයකු යයි තහවුරු වීම නිසා වසංගත රෝග විද්‍යා අංශය එය කොරොනා මරණ ගණනට ඇතුළත් කළද ඔහු රෝගය නිසාම මියගියායයි පැවසිය නොහැකි නිසා එම තීරණය වෙනස් කර ඇත.
ඒ අනුව දැනට ලංකාවේ කොරෝනා මරණ අගය 21 ලෙස නැවත ආපස්සට ගෙන තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval