සුනාමියෙන් නිවාස අහිමි වූ බහුතර ධීවර කාර්මිකයන් පිරිසක් වෙසෙන ඒත්තුකාල බොස්කෝපුර මහල් නිවාස සංකීර්ණයේ සහ කරවල නිෂ්පාදකයන් බහුතරයක් වෙසෙන මීගමුව කාමච්චෝඩේ දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වලින් අනතුරුව පෙරේදා (15)කොවිඩ් ආසාදනයට ගොදුරු වූවන් 11 දෙනකු හඳුනාගෙන ඇත.


මේ බව මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක (පරිපාලන) වසන්ත සෝලංගආරච්චි මහතා පැවසීය.

මෙම ස්ථාන දෙකෙහිම ඉකුත් 13 දා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලට පුද්ගලයෝ 215ක් සහභාගි වූහ. එහි ප්‍රතිඵල (15) ලද බවත් එයින් 11 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් බවත් මීගමුව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසීය.

සුනාමි අවතැන්වූවන් වෙසෙන බොස්කෝපුර මහල් නිවාස සංකීර්ණය විශාල ජනගහණයක් සිටින ස්ථානයකි. හඳුනාගත් ආසාදිතයන් 11 දෙනා රෝහල්වලට යොමුකර ඇති බවත් සෙසු පිරිස නිරෝධායනයට යොමුකර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි පවසයි.

- ඩබ්ලිව්. කීර්ති -