දොම්පේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 රෝගීන් සදහා වෙන් කර තිබූ වාට්ටු දෙකෙහි ආරක්ෂාවට සිටි
ගුවන් හමුදා භටයන් 09 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය යේ
පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.


දොම්පේ රෝහලේ කොවිඩ් රෝගීන් සදහා වෙන් කර ඇති වාට්ටුවල ආරක්ෂාව සදහා ගුවන් භටයන් 17 දෙනකු
සේවයේ යෙදී සිට ඇත. එම භටයන් 17 දෙනාගෙන් 09 දෙනකු කොවිඩ් රෝගීන් බව තහවුරු වී ඇත්තේ
12දා පස්වරුවේය. රෝහලේ ආරක්ෂාව සදහා ගුවන් හමුදා අනුඛණ්ඩයක මෙම භටයන් ඉකුත් මස 25දා
පැමිණ තිබේ. මේ අතර තවත් භටයකු ඉකුත් 09දා සිය නිවසේ සිට සේවයට පැමිණ ඇති බවත් ඔහු PCR
පරීක්ෂණ යකට භාජනය කිරීමෙන් පසු ඔහුට කොවිඩ් රෝගය වැලඳී තිබීම නිසා ඉතිරි භට පිරිස PCR
පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු මෙම භටයන් 09 දෙනා කොවිඩ් තහවුරු වුවන් බවට හදුනාගත් බව පරිපාලන
මහජන සෞඛ්‍ය පරීක්ෂක   පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

කොවිඩ් ආසාධිත භට පිරිස මිනුවන්ගොඩ රෝහලේ කොවිඩ් වාට්ටුවට ඇතුළත් කර ඇති අතර ඉතිරි භට පිරිස
නිරෝධායනයට යොමු කර ඇත.