ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි යක්කල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු " කොවිඩ් 19 " ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරමින් බැංකු ශාඛාව අද (28) සවස වසා දැමීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
එම කාර්ය මණ්ඩල සාමාජිකයාට ඇතිවූ රෝග ලක්ෂණ මත ගම්පහ රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයට
භාජනය කොට ඇති බවත් එහි වාර්තා අනුව කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම මත මෙම පියවර ගනු
ලැබූ බවත් කළ විමසිමේදී ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
ගම්පහ, ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන මොහුට රෝගය ආසාදනය වී ඇති ආකාරය
වූ අන්දම අනාවරණය වී නොමැති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා
පැවසූ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ බැංකු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනා ස්වයං නිරෝධායනයට
ලක් කොට දින 10 කට පසුව පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක

Comments
Post a Comment
Your comment will be visible after approval