මාතලේ දිස්ත්‍රික්කයේ ඊයේ (27දා) වනවිට කෝවිඩ් - 19 රෝගීන් 17දෙනෙකු වාර්තා වී ඇති අතර, කෝවිඩ් - 19 වෛරසයෙන් දිස්ත්‍රික්කය ආරක්ෂා කර ගැනීමේ පෙර සූදානම් වැඩසටහනක් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ. රත්තොට, ගලේවෙල, පල්ලේපොල, උකුවෙල හා අඹන්ගහකොරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි රෝගීන් 17දෙනෙකු වාර්තා වී ඇති අතර,
ඒ අතරින් 4339 දෙනෙකු නිරෝධායන කටයුතු නිම කර ඇති අතර, මේ වනවිට 99දෙනෙකු නිවෙස් තුළ නිරෝධායන ක්‍රියාවලියේ යොදවා ඇති බවත්, මාතලේ ලග්ගල මහ රෝහල තුළ රෝගීන් 116දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඒ මහත්මිය පැවසීය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විජේරත්න, දිස්ත්‍රික් ලේකම් එස්. එම්. පී. කේ. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක, ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මනිල් පීරිස්, මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
- විරාජ් අබයසිරි -

Comments
Post a Comment
Your comment will be visible after approval