වෙන්නප්පුව ප්‍රදේශයේ සාද නිකේතනයක කාමරයක් තුළ එහි සේවය කරන තරුණයෙකු ඊයේ (27) අලුයම 4.00 ට පමණ මියගොස් තිබූ බව වෙන්නප්පුව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ රුමේෂ් ප්‍රනාන්දු (20) නමැති මදුරන්කුලිය ප්‍රදේශයේ තරුණයෙකි. මොහුගේ දේහයේ රුධිර සාම්පලයක් පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට සහ ආහාර කොටස්, රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමට ඊයේ (23) යවන ලද බව මාරවිල අධිකරණු නිලධාරි රුවන් ලංසකාර මහතා පැවසීය.


මොහුගේ මරණය පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවන්නට ඇතැයි සැකයක් පවතින නමුත් තවත් මතයකින් කියැවෙන්නේ ඔහු වසවර්ගයක් පානය කරන්නට ඇතිය යන සැකයක් ඇති බවයි.

මොහු දැනට සති දෙකකට පමණ පෙර මදුරන්කුලියේ සිට වෙන්නප්පුව හෝටලයට සේවය සඳහා පැමිණ කාමරයක නැවතී සිට ඇත. මොහු විස වර්ගයක් පානය කිරීම නිසා හෝ වෙනත් හේතුවකින් මියගියේ දැයි නිසි පරිදි තීරණය කර නොමැති බැවින්, වාර්තා ලැබෙන තුරු සිරුර මාරවිල මූලික රෝහලේ අධිශීතකරණයේ බහා තැබූ බවත් වාර්තා ලද පසුව පරික්ෂණ සිදු කරන බවත් අධිකරණ නිලධාරී රුවන් ලංසකාර මහතාට වැඩිදුරටත් කීය. 


වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පැවසුවේ සාක්ෂි සටහන් ලබාගෙන ඇති බවත්, වැඩිදුර පරික්ෂණ සිදු කරන බවය.