වැල්ලම්පිටිය, කොටුවිල, හල්මුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිත වී ඇති බවට ඊයේ (19) තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංවිමාර්ග පවසයි. ආසාදිත ව්‍යාපාරිකයා 45 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු පෑලියගොඩ මත්ස්‍ය අලෙවිහලේ ව්‍යාපාරික කටයුතු කරන්නකු බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම පුද්ගලයා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිඳ හා දරු තිදෙනා නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. ඔහු සමග සමීපව කටයුතු කළ පුද්ගයන් 15 දෙනකුට ආසන්න පිරිසකට ඊයේ (19) දිනයේ පී.සී.ආර්. පරික්ෂණය
සිදු  කිරිමට නියමිතව තිබිණි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර කැස්ස, උණ,  සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග මතුවීම හේතුවෙන් සිදුකළ පී.සි.ආර්.  පරික්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බව ො ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසිය.  මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර නිවසේ උඩු මහලේ  මිතුරන් පිරිසක් සඳහා සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා  පුද්ගලයන් 10 දෙනකු පමණ සහභාගි වී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. 

මොහු සමග සමීපව කටයුතු කළ පුද්ගලයකු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහුට එම රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔහු ද .සී.ආර්. පරික්ෂණයට ලක් කළ ද  මෙතෙක් එම වාර්තාව ලැබි නොමැති බවත් සෞඛ්‍ය අංශ කියයි.  එම පුද්ගලයා හා ඔහුගේ පවුලේ පිරිස අංගොඩ නිවෙස තුළ  ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.  කොවිඩ් ආසාදිත පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.


-ඉන්දිකා රාමනායක-