පසුගිය වසරේ බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කසළ අඩංගු බහාලුම් 242ක යළි බ්‍රිතාන්‍යයටම යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.
මෙම නියෝගය කර ඇත්තේ, ශ්‍රී ලංකාවට කැළි කසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ
මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙරටට ගෙන්වන ලද කැළිකසළ අඩංගු බහලුම් තොගය තමන් යළි භාර ගැනීමට සූදානම් බව ඒවා ශ්‍රී ලංකාවට අපනයනය කළ බ්‍රිතාන්‍ය සමාගම විසින් ලිපියක් මගින් දැනුම් දී තිබූ බව අධිකරණය හමුවේ ප්‍රකාශ වී තිබේ.
ඒ අනුව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රඳවා තිබෙන අදාළ බහලුම් යළි අපනයනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට අවසර ලබාදුන් අභියාචනාධිකරණය මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද නියෝග කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval