ත්‍රිකුණාමල සුමේධංකරපුර විද්‍යාලයේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිසුවියකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මිනුවන්ගොඩ පදිංචිකරුවන් වන මෙම සිසුවිය ඇතුළු සිසුවියන් තිදෙනකු මෙම විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි අතර වයිරසය ආසාදිත සිසුවිය ඊයේ (28) අයි.ඩී.එච්.
ත්‍රිකුණාමල මංකිබ්‍රිජ් හමුදා කඳවුරේ හා භට කාර්ය සම්පාදන විද්‍යාල යුද හමුදා කඳවුරේ මෙම සිසුවියන් තිදෙනා හා ඔවුන්ගේ පවුල්වල පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ ඔවුන්ගේ පවුල්වල කීප දෙනෙකු කොරෝනා අසාදිතයින් වීම නිසා බව එම ප්‍රකාශකයා පැවසීය. සිසුවියන් තිදෙනා වෙනුවෙන් සුමේධංකරපුර විද්‍යාලයේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක් සකස්කර තිබුණේ ඔවුන්ට නියමිත මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටීමට නොහැකි වීම නිසා බව ද ඔහු සඳහන් කළේය.
-අමදෝරු අමරජීව -

Comments
Post a Comment
Your comment will be visible after approval