තමා සමග වසර 37ක් පුරාවට සේවය කළ කාර්යමණ්ඩලය කථානායක කාර්ය මණ්ඩලයටද යොදාගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයන් කථානායක කාර්ය මණ්ඩලයට නම් කර යවා ඇති කැබිනට් පත්‍රිකාව
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා,
"මට මඩ ගහන කතාවක් නිර්මාණය කරලා තිබෙනවා. මම ඒවාට උත්තර දෙන්න යන්නේ නැහැ. ඊට වඩා වැදගත් දේවල් මට කරන්න තියෙනවා. මේ කියන පිරිස අවුරුදු 37ක් පුරාවට මාත් එක්ක හිටපු අය. දැනටත් වැඩ කරනවා ඒ අය. දැන් කාලේ මඩ දේශපාලනයක් තියෙන්නේ. මඩ ගහන්න ඕන වුණාම මඩ ගහනවා. මම ඒක ගණන් ගන්නේ නැහැ” යනුවෙන් පැවසීය.
කථානායක කාර්යමණ්ඩලයේ පෞද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, ව්‍යාපෘති ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇත.
- චාමර සම්පත් -

Comments
Post a Comment
Your comment will be visible after approval