වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය
මූලික රෝහලට කොවිඩ් 19 රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

එම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා පැමිණීම හේතුවෙන් එම රෝහලේ අංක 4 වාට්ටුවේ සහ රුධිර පෙරණ ඒකකයේ එම අවස්ථාවේ සේවය කළ කාර්යමණ්ඩලය අද (30) සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරයෙක් , හෙද නිලධාරින් හතර දෙනෙක් හා කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ තුන්දෙනෙක් මෙසේ ස්වයං නිරෝධායනට ලක් කර තිබේ .