පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයේ සේවකයන් 19 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාරි වික්‍රමසිංහ මහතා ඊයේ (12) පැවසීය. මෙම ආසාදිතයන්ගෙන් කොටසක් ගාල්ල කොග්ගල, 
මාතලේ ලග්ගල, පල්ලම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පෙරේදා (11) රාත්‍රි යොමු කළ බවත් තවත් කොටසක්  කළ බවත් පැවසීය. 

රෝගී පිරිස හා රෝග තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ කුමාරි වික්‍රමසිංහ මහතා ගම්බද ජනතාව අතර භීතියක් තියෙනවා රෝගය ව්‍යාප්ත වෙලා යයි කියලා. එහෙම එකක් නෑ කියලා වගකීමෙන් දන්වා සිටිනවා. ගම්බද ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නෑ. ආසාදිතයන් රඹුක්කන දිස්ත්‍රික් රෝහලේ පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. යුද හමුදාව පොලීසිය ආරක්ෂාවට යොදවා තිබෙනවා." යැයි ද කීය.

-චමින්ද වැවතැන්න-