මෙරට තුළ PCR පරීක්ෂණ සිදුකරමින් තිබියදී අක්‍රිය වූ ප්‍රධානතම යන්ත්‍රය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට හැකි බවට චීන කාර්මික ශිල්පීන් පවසා තිබේ.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා ගෙන්වන ලද චීන කාර්මික ශිල්පීන් පැය 10ක් අඛණ්ඩව පරික්ෂා කිරීමෙන් අනතුරුව PCR පරීක්ෂණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීමට හේතු අනාවරණය වී තිබේ.

ස්වයංක්‍රීය අණු නිස්සාරණය අර්ධ වශයෙන් අපගමනය,

රසායනාගාර පරිසරය මෙහෙයුම් මේසය අස්ථායී වීමට හේතුව විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

ප්‍රධාන යන්ත්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර යථාතත්වයට පත්කරන ලද යන්ත්‍රය 100% ක් සහතික කිරීම සඳහා තවදුරටත් වට කිහිපයක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු පවසති.

මෙම යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් පසුගිය දිනවල PCR පරීක්ෂණ 10000ක් පමණ පමා වූ බවට වාර්තා පළ විය.

මෙම යන්ත්‍රය දින විස්සක් තිස්සේ 24 පැය පුරා ම අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට ශිල්පීන් මහත් පරිශ්‍රමයක් දැරූ අතර පසුව චීනය සමඟ රාජතාන්ත්‍රික මට්ටමේ හදිසි සාකච්ඡාවකින් පසු එරට ශිල්පීන් වහා ගෙන්වා ගැනීමට පියවර ගැනුණි.

චීනයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් යටතේ ජුනි මාසයේදී ඉදිකරන ලද මෙම විද්‍යාගාරය මගින් එය PCR test 26,000 ක් පවත්වා ඇත.

ප්‍රමුඛ ජෛව තාක්‍ෂණ සමාගමක් වන BGI Genomics රටවල් 66 කට සිය නිෂ්පාදන සපයයි.

හොංකොං සහ ඕස්ට්‍රේලියාව, සර්බියාව වැනි රටවල “ෆයර් අයි” PCR පරීක්ෂණ විද්‍යාගාර ඉදිකර ඇත.