කොවිඩ්-19 රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වීමත් සමග රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


කෙසේ වෙතත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය තවම ලබාගෙන නැති බවත් අද හෝ හෙට දිනයේදී ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.


05 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා නියම කර ඇත.

එහෙත්, විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව ද රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.