සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට

ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.

සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණි.

නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.

මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණි.

මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙස සැලකේ.