මෙරට කොවිඩ් – 19 රැල්ලේ පළමු අදියර පැවති සමයේ දුරකථනවල, දුරකථන නාදය හෙවත් ringing tone ලෙස යොදා තිබූ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත කරුණු මතක්කර දීමේ පණිවිඩය
මේ වනවිට යළි සක්‍රීය කර තිබේ.

පසුගිය කාලයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සමයේ සිටම ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුතු සියලු බලධාරීන් කොවිඩ් – 19 වසංගතය පාලනය කළ බව කියමින් ජනතාවට එම වසංගතය පිළිබඳ අවධානය දුරු වන අයුරුන් කටයුතු කළ අතර එහි එක් පියවරක් ලෙස රිඟින් ටෝනයද නතර කර දමන ලදී.

කෙසේ වෙතත් මේ වනවිට රට තුළ යළිත් වරක් කොවිඩ් – 19 වසංගතය ඉතාමත් අවදාම් සහගත ලෙස හිසඔසවා ඇති පසුබිමක යලිත් වරක්ද ඒ ඒ දුරකථන ජාල සමාගම්වල ග්‍රාහක සම්බන්ධතාවලට එම සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පණිවිඩය එක් කර තිබේ.