
කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ (13) දින මුද්‍රා තබා ඇති බව වාර්තා වෙයි.
එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
අදාල ආසාදිතයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර ඔහු මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගි වී ඉන් දින කිහිපයකට පසුව ඉකුත් (12) මොහුටද වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ.
මොහු ඉකුත් 06 , 08 සහ 09 දා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්ව ඇති අතර ඉන් පළමු වාර්තා දෙකින්ම මොහුට
කිරිවත්තුඩුව හන්දියේ පිහිටි මෙම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට මොහු ඉකුත් 10 දා ගොස් වෛද්‍යවරයාට පෙර නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා පෙන්වා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගෙන ඇත.
මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ එම ස්ථානයට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු සේවිකාවන් දෙදෙනෙකු දින 14 ක් ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval