
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය බියගම සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඇතුළු දාහතරදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ කර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසිය.
කලින් කතා කරගත් පරිදි තම නෑදෑ පිරිස සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනාලියක් බැලීමට ඉතුත් 2 වැනිදා ගිය මෙම පිරිස ප්‍රිය සම්භාෂණයේ යෙදී ආපසු පැමිණීමෙන් පසු එම තරුණියට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බවට තොරතුරු ලැබී ඇත. මනාලයා ඇතුළු 14 දෙනකුගෙන් යුත් එම පිරිස ඉකුත් දා (10) දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පී.සී.ආර්. පරික්ෂාව කර නිරෝධායනයට යොමු කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයා පැවැසීය.
- සුදත් පුබුදු කීර්ති -
Comments
Post a Comment
Your comment will be visible after approval