
මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.
ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිටින විට මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද අවුරුදු 54 හැවිරිදි පුද්ගලයෙක් හා කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි උපාලි ජයරත්න නැමති 57 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval