හෝමාගම මූලික රෝහලේ කෝවිඩ් 19 රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු අංක 1 හි සියලුම ඇඳන් මේවන විට පිරී ඇතැයි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඇඳන් 75කින් සමන්විත එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් සියලු දෙනා කාන්තාවන් බවත් ඒ අතරින් බහුතරයක් දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් හා ඔවුන්ගේ සමීපතමයන් බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින් තත්වය අනුව කොවිඩ් රෝගීන් සඳහා හෝමාගම මූලික රෝහලේ තවත් ස්ථානයක් වෙන් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක් කර ඇති බවත් හෙතෙම පැවසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval