
කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (14) සවස නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට ආ හමුදා භට පිරිසකට නිවසේ සුනඛයා ලිහා උසිගන්වා අනතුරක් කිරීමට උත්සාහ කර තිබේ.
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට විශේෂිත ඇඳුම්වලින් සැරසී
තමාට නිරෝධායනයට යාමට නොහැකි බව කියමින් මෙම කාන්තාව නිවසේ බැඳ සිටි සුනඛයා ලිහා දමා ඇත. එහිදී සුනකයා සපාකෑමට පැනීම නිසා හමුදා සෙබළා නිවස වටේ වට දෙකක් දිව ඇතත් කාන්තාව මැදිහත් නොවූ නිසා නිවසේ මිදුලේ වූ පොල්ලකින් ගසා බල්ලාගෙන් බේරී පැනවිත් ඇත.
ඉන්පසුව යුද හමුදා නිලධාරීන් එහි ගොස් මෙම කාන්තාව නිරෝධායනයට රැගෙන ගොස් තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval