මේ වනවිට නිකුත්වී තිබෙන අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමේ රටවල් අතර
ශ්‍රී ලංකාව 6200 ඉක්මවා ඇති නමුත් ආසාදිතයින්ට සාපේක්ෂව අඩුම මරණ ප්‍රමාණයක් වාර්තාවූ රටක් බවට පත්ව ඇත.

කොරෝනා ආසාදිතයින් 5000 - 7000 අතර වාර්තාවී ඇති අනෙක් රටවල් සැලකීමේදී අඩුම මරණ ගණන වූ 14 ලංකාව ඉදිරියේ සටහන් වේ. ශ්‍රී ලංකාවට වඩා 200 කින් පමණ වැඩි ආසාදිතයින් සිටින කියුබාවේ මේ වනවිට 128 ක් මියගොස් තිබීම හා ලංකාවට 100 කින් පමණ අඩුවෙන් ආසාදිතයින් වාර්තාවී ඇති බහාමාස්හි 130 ක් මියගොස් තිබීම මෙම දත්ත අනුව පෙන්වයි. ආසාදිතයින් තවම 5267 ක් පෙන්වන සිරියාවේ මරණ 260 කි. ආසාදිතයින් 5874 ක් වාර්තා කළ මලාවි රාජ්‍යයේ මරණ 183 කි.