පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියැදුරුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය විද්‍යා නිලධාරි කාර්යාලය කියයි. ආසාදිත පුද්ගලයා රියැදුරු රැකියාවට අමතරව සෑම දිනකම අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් ගිය බවට අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආ ගිය බව කියන පුද්ගලයන් සිටී නම් පී.සී.ආර්. පරික්ෂණ සිදු කරගන්නා ලෙස මේ දිනවල මාධ්‍ය මගින් ද , ප්‍රචාරය වීමෙන් අනතුරුව මෙම රියැදුරු ද පී.සී. ආර්. පරික්‍ෂණයට භාජනය වී තිබූ බව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි.
එම රියැදුරුගේ පරීක්ෂණ වාර්තාව පෙරේදා රාත්‍රී ලැබී තිබූ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් නගරාධිපති ඇතුළු නගර සභාවේ සේවක සේවිකාවන් 300ක් පමණ දෙනා පී.සී.ආර්. පරික්ෂණවලට භාජනය කිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval