බ්‍රැන්ඩික්ස් ආයතනයේ සුපර්වයිසර්වරියක ලෙස කටයුතු කරන දිවුලපිටියේ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ යටතේ මැහුම් වැඩ කරමින් සිටි සමීප ආශ්‍රිත තවත් කාන්තාවක මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාව සුපර්වයිසර් කාන්තාවට රෝගය වැළඳුණේ යයි
සැක කාලය තුළ සමීපව කටයුතු කරන ලද අවස්ථා ගණනාවක්ම තිබී ඇති අතර මෑත දිනෙක නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ  මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය ආශ්‍රිතව සැරිසරා ඇතැයි වාර්තා වෙයි.
පීසීආර් මගින් තවම තහවුරුවී නැති නමුත් බොහෝ දුරට කොරෝනා බෝවී ඇතැයි සැක කෙරෙන මෙකී කාන්තාවගේ ආශ්‍රිතයින් ගැන දැනට පරීක්ෂණ සිදු කරමින් තිබෙන අතර මොණරාගලට ඇය හරහා රෝගය බෝවන්නේ නම් එතැන තවත් පොකුරක් නිර්මාණය වනු ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කර තිබේ.
මේ වන විට ඇය කොරෝනා පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද වාර්තා විය.