කෙරෝනා ආසාදිත දිවුලපිටියේ කාන්තාවගේ දියණියටද ඊයේ සවස ලැබුණ වාර්තා අනුව කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති අතර දියණිය දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක  9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය
ලබමින් සිටි බව වාර්තා විය. ආසන්න කාලයේ ඇය නිතිපතා පාසලට ගිය අතර ඇය හා සමීපව ඇසුරු කළ පාසල් සිසුසිසුවියන්ට හා ඔවුන්ගෙන් තවත් අයට ලෙස මෙම රෝගය පැතිරෙන්නට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කර තිබේ.
ඒ නිසා සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ද

ලක්කර ඇතැයි වාර්තාවේ.
විදුහල්පතිවරයා විසින් සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් ලබා දීමෙන් පසු ඊයේ රාත්‍රියේ හා අද දිනයේ මහජන
සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඒ අය සොයා නිරෝධායනයට යොමු කිරීමට වැඩ පිළිවෙලක් සකසා ඇත.