නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ
කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති
ආපනශාලා සේවකයෙකුගෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේෙ කළමණාකරණ සහයක නිලධාරිනියකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබීම හේතුවෙන් එය අද (29) වසා දමා තිබේ.
එම නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සතියට දින තුනක් පමණක් සේවයට එන ලෙස දන්වා තිබියදීත් මෙම නිලධාරිනිය සතියේ දින පහේම සේවයට පැමිණ ඇති බවත් ඇගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව ඉහළ නිලධාරින්ට දන්වා නැති බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
අද දහවල් එම දෙපාර්තමේන්තුව වසා දැමුණු අතර එහි සියලු සේවකයන් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval