වලල්ලාවිට, මාකලන්දාව ප්‍රදේශයේ පදිංචි වයස මාස 3ක දැරියකට හා ඇයගේ මවට 'කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල මහතා පැවසීය. 

පසුගිය 24 දින මාකලන්දාව පාසලේදී

ලබාගත් ජෛව සාම්පල 59ක පී.සී.ආර් වාර්තා ඊයේ (27දා) දින ලැබුණු බවත්, ඒ අනුව මෙම ආසාදිතයන් දෙදෙනා වාර්තා වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය. 

මෙම රෝගීන් දෙදෙනා වලල්ලාවිට, මගුරුමස්විල පදිංචි ආසාදිතයාගේ ආශ්‍රිතයන් බවත්, පීසීආර් පරික්ෂණ සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල ලබාගන්නා අවස්ථාවේදී මෙම ආශ්‍රිතයන් තමන්ට අනතුරක් නැතැයි පවසමින් දැඩි අකමැත්තක් ප්‍රකාශ කළ බවත් ඇය පැවසුවාය. අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ බලවත් ඉල්ලීම මත ජෛව සාම්පල් ලබා ගැනීමට ඉඩ දුන් බවත් වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

 - ප්‍රේමතිලක පෙරමුණ -