කෝවිඩ් 19 වයිරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති හා හුදෙකලා කරන ලද ප්‍රදේශවල රාජකාරියට භාවිතා කිරීමට නොහැකිව සිටින රාජ්‍ය සේවකයන් රාජකාරියේ නිරතවන්නන් ලෙස සලකා කටයුතු කරන බව රාජ්‍ය ස්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය පවසයි.


මේ පිළිබඳව මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය තව දුරටත් වලංගු බව ද සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම ආයතන ප්‍රධානින් දැනුවත් බව ද එම අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ට ඊයේ (27) පැවැසිය. මීට පෙර කෝවිඩ් 19 වසංගතය පැතිර ගිය ආකාරයට වඩා වීශාල ව්‍යාප්තියක් පවතින බැවීන් ආයතනවලට සේවකයන් කැඳවීම සීමාසහිතව සිදුවන බව ද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් අලුතින් උපදෙස් ඇතුළත් චක්‍රලේඛ නිකුත් කිරීම අවශ්‍ය නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

 -ජයන්ත සමරකෝන්-