කොළඹ නාවික තටාංකාගණයේ (dockyard)කොරෝනා ආසාදිත සේවකයින් 05 දක්වා ඉහළට

Ad Code

කොළඹ නාවික තටාංකාගණයේ (dockyard)කොරෝනා ආසාදිත සේවකයින් 05 දක්වා ඉහළට


කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මේ වන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

එම සේවකයින් 05 දෙනා ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විටත් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

කොළඹ නාවික තටාංකාගණයේ වාර්තා වූ මෙම කොරෝනා ව්‍යාප්තිය සිදුවීම මතුගම බස් රථය හා සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව යුද හමුදාපතිවරයා

මෙහිදී කියා සිටියහ. මතුගම ප්‍රදේශයේ බස් රථයක හිමිකරු, රියදුරු, කොන්දොස්තර සහ එහි ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදියකට මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබු බවත් මෙම නාවික තටාංකාගණයේ සේවය කරනු ලබන අයෙකු ද එම බස් රථයේ ගමන් ගත් මගියෙක් බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔහු හරහා වෛරසය ඔහුගේ සමීප ආශ්‍රිතයින්ට ව්‍යාප්තවී තිබෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට එය බාධාවක් එල්ල නොවන බවත් එය සිදුනොවීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවත් වරාය සභාපති සමග එක්වී අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බව මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේය.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu