කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ කොවිඩ්-19

වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ අතර නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.