
බ්‍රැන්ඩික්ස් සමාගමේ නිලධාරී පියාට කොරෝනා ආසාදනය වී ඇති නිසා, PCR පරීක්ෂණවලට ලක් කෙරුණ ඔහුගේ දරුවන් වන කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියට හා ඇගේ සහෝදරයා වන, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසුවාට,
ජාතික පෞද්ගලික කතෝලික පාසල්, සාමාන්‍යධිකාරී ගැමුණු ඩයස් පියතුමා සඳහන් කර ඇත්තේ කරන ලද PCR පරීක්ෂණවලින් පසු මේ බව අනාවරණ වූ බවයි.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අදාළ සිසුවියගේ පියාට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අදාළ සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවට එම විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර සිසුවියගේ සහෝදරයා අධ්‍යාපනය ලබන මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයද එවැනි නිවේදනයක් නිකුත් කර තිබුණි.
මෙම පාසල් තුළට කොරෝනා වසංගතය පැතිරේය යවන බිය නිසා සිසුසිසුවියන් ඇසුරු කළ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval