එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් ඇති බව වාර්තාවේ .
ඒ අනුව මෙම එන්නත වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය
දැනට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන මෙම එන්නත වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව , එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම සඳහන් කර ඇත.
මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ට්‍රා සෙනිකා හි ප්‍රකාශකවරයෙකු ද මාධ්‍ය වෙත පවසා ඇත
මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.

Comments
Post a Comment
Your comment will be visible after approval