පොළොන්නරුව රෝහලේ 21 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වයං නිරෝදායනයට යොමු කළ 71 හැවිරිදි කාන්තාවක ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ. බකමූණ පළමුවන ධීවර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව රෝහලේ 21 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ අංශ භාග රෝග තත්වයකට ප්‍රතිකාර ගන්නටය. මීට දින 10 කට ඉහතදී
එකී කොරෝනා ආසාදත කාන්තාව සිටි ඇඳට අල්ලපු ඇඳේ සිටි මෙම කාන්තාව පසුව ස්වයං නිරෝධායනයට යොමුවී නිවසේ සිටියදී දින 9 ක් ඇතුළත හදිසියේ මියගොස් තිබේ. ඇයට කොරෝනා වැළඳී තිබුණිද යන්න පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල තවම ලැබී නැති මුත් ඊයේ ඇගේ මරණයෙන් පසු අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව ඊයේම බකමූණ ආදාහනාගාරයේදී සිදු කරන්නට යෙදුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval