පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු බස්නාහිර පළාත් තුළ ඇති සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට වකූබ් සභාව විසින් තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ රෙගුලාසි ලිහිල් කළහොත් හෝ ඉවත් කළහොත් පල්ලි යළි විවෘත කිරිම පිළිබඳ සළකා බලන බව එම සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව හෙට සිකුරාදා දිනයෙහි පල්ලිවල පැවැත්වෙන මෙහෙයන් පුරුදු පරිදි සිදු නොවනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval