ඇමරිකා එක්සත් ජනපදයේ එලඹෙන නොවැම්බර් 03දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ජෝ බයිඩන්ගේ සහාය වෙනුවෙන් එරට හිටපු ජනපතිවරයෙකු වන බරැක් ඔබාමාද මතිවරණ වේදිකාවට ගොඩවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව පසුගිය බදාදා ෆිලඩෙල්ෆියාහි බේස්බෝල් පිටියකදී පැවැත්වුණු ඩ්‍රයිව්-ඉන් රැලියකට ඔබාමා මෙලෙස සහභාගි වී ඇත. ජනපතිවරණය සඳහා තවත් සති දෙකක් තිබියදී හිටපු ජනපතිවරයා ජෝ බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙලෙස එක්ව තිබේ.
"ඔහු අද මේ රාජකාරිය හරි විදියට භාර අරගෙන, එය නොකරන බව ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඉන් ඇති වන ඵලවිපාක සමඟ ජීවත්වීමට ඇමෙරිකානුවන් හැටියට අපට සිදුවෙලා." ඔබාමා මෙහිදී සඳහන් කර තිබේ.
"ජෝ බයිඩන් සහ කමලා හැරිස් එකට එක්ව ඉන්න කොට ඔබලාට දැන් දිනපතාම පාහේ අසන්නට ලැබෙන පිස්සු විකාර දේවල් ගැන හිතන්න ඕන වෙන්නෙ නැහැ. ඒ කියන්නේ ඒ තරමට මේ සුසංයෝගය වටිනවා. ඔබලාට සෑම දිනකදීම ඔවුන් පවසන දේ ගැන වාද කරමින් ඉන්න ඕන වෙන්නෙ නැති වේවි." ඔබාමා වැඩිදුරටත් පවසා තිබේ.
මෙහිදී ඔබාමා වත්මන් ජනපතිවරයා විසින් එරට තුළ නව කොරෝනා වසංගතය හැසිර වූ ආකාරය දැඩි ලෙස විවේචනය කර තිබේ. විශේෂයෙන්ම ජනපතිවරයාද එහි ගොදුරක් වූ බව හිටපු ජනපති ඔබාමා මතක් කරදී ඇත. "ඩොනල්ඩ් ට්‍රම්ප්ට බැහැ අපි සැවොම ආරක්ෂා කරන්න. ඔහුට බැරි වුණා මේ වෛරසයෙන් තමන්වම ආරක්ෂා කරගන්න වුවමනා කරන මූලික පියවරවත් අනුගමනය කරන්න."
ඔබාමා මෙලෙස ෆිලඩෙල්ෆියාහි පැවැත්වුණු
ඩිමොක්‍රැටික් ජනපති අපේක්ෂක ජෝ බයිඩන් හිටපු ජනපතිට ඔබාමාගේ පාලන සමයේ ඔහුගේ උපජනපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම ඔහු ඔබාමාගේ ළඟම මිතුරෙකුද වෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval