මුලින් කොරෝනා කියා පසුව නෑ කියූ නාරාහේන්පිට පුද්ගලික රෝහල නිසා ලෙකෝ සේවකයන් අමාරුවේ

Ad Code

මුලින් කොරෝනා කියා පසුව නෑ කියූ නාරාහේන්පිට පුද්ගලික රෝහල නිසා ලෙකෝ සේවකයන් අමාරුවේ


ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

එම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සහ තවත් පුද්ගලික ආයතන කිහිපයක සේවකයන් ක
ොරෝනා රෝගීන් යොමුකරන රෝහල්වලට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.
නාරාහේන්පිට පිහිටි එම රෝහල තමන් දුන් වාර්තාව වැරදි බව පසුව ප්‍රකාශ කිරීමත් සමග එම සේවකයන් රෝහල් වලින් ඉවත්කර නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

_සිරංගිකා ලොකුකරවිට
 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu