බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් කෝවිඩ්-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 06දෙනෙකු පෙරේදා (26දා) වාර්තා වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය.
මේ හේතුවෙන් එම ආයතනය තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි විවෘත කිරීමටද උපදෙස් ලබාදී ඇත.
හඳුනාගත් ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් සොයා ඔවුන්ව නිරෝධායනය කිරීමට කටයුතු කරමින් සිටින බවද සමත්ත පෙරේරා මහතා සඳහන් කළේය.
මේ අතර බියගම නිදහස් වෙළෙඳ කලාපයේ කිසිදු ආයතනයක් වසා දමා නොමැති බවත්, අවශ්‍යතා මත ඇතැම් කර්මාන්තශාලා විෂබීජහරණය කිරීම සිදු කරන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාප අධ්‍යක්ෂ කලණි බොතේජු මහත්මිය ඊයේ (27දා) පැවසුවාය.
- පද්මසිරි රණතුංග -

Comments
Post a Comment
Your comment will be visible after approval