ම ස්වාමි පුරුෂයා හදිසියේ අසනීප වූ බව පවසා ඊට එහා කිසිදු කරුණක් නොදක්වා බිරියක හා නිවසේ බෝඩිමක සිටි තරුණයකු විසින් පානදුර රෝහලට භාරදුන් පුද්ගල මළ සිරුරක් වැඩි දුර පරීක්ෂාවේදී එය ඝාතනයක් බවට කරණු අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
 පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි දෙදරු පියකු වූ මෙම පුද්ගලයාගේ
ගෙල සිරකර තිබූ අතර මරණය සිදුවන අවස්ථාවේ නිවසේ සිටි බිරිය හා නිවසේ බෝඩිං කාමරයක වාසය කළ පුද්ගලයා සම්බන්ධ ඇතිවූ සැකය මත පොලිසිය පරීක්ෂණ සිදු කරන්නට යොමු විය. ඒ අනුව නිවසේ තාවකාලිකව පදිංචිව සිටින තිස් හැවිරිදි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර මූලික රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව
මෙය ගෙළ සිර කිරීමෙන් සිදු කළ ඝාතනයක්  බවට තහවුරුවී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වාද්දුව දෙල්දූව රන්මුතු උයන පදිංචිව සිටි ගුරුගේ  ලලිත්  පෙරේරා
(39 ) දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්වූයේ කවර කරුණක් නිසාද යන්න තවම අභිරහසකි.පෙරේදා5 අළුයම 2.00 ට පමණ මෙම පුද්ගලයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර රෝහලට භාරදී ඇති අතර හදිසියේ  අසනීපවූ බව පමණක් බිරිය හා 'බෝඩිං මල්ලී' ලෙස හඳුනාගත් පුද්ගලයා පවසා ඇත.

එකි පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත්  මියගොස් තිබී ඇතැයි රෝහල් ආරංචි තහවුරු කර තිබුණි.
හදිසියේ අසනීප වුණා යයි කීම නිසා අදාළ මරණය සාමාන්‍ය මරණයක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍යවරයා මළ සිරුර පරික්ෂා කිරීමේදී ගෙලෙහි සීරීම් ,හිසෙහි හා අත් පා වල සීරීම් තුවාල දක්නට ලැබී ඇති අතර මරණය සම්බන්ධයෙන් කරුණු සඟවා තිබෙන බවක් ඉව වැටී ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත් නියෝගයක් අවශ්‍ය බවට දැනුම් දී ඇත.

ඒ අනුව අධිකරණයට කරුණු  වාර්තා කිරීමෙන්  අනතුරුව  වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා  ප්‍රනාන්දු
මහත්මිය මෘත ශරීරාගාරය වෙතපැමිණ සිරුර පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

නව වාර්තාව
වාද්දුවේ සැමියා තමන්ම ගෙළ සිරකරගෙන ඝාතනය වුණැයි බිරිය කියලා