ජනපති ට්‍රම්ප්ට තැපෑලෙන් උග්‍ර විෂ සහිත පාර්සලයක් ඇවිත්

පාර්සලයේ සඳහන් අන්දමට එය තැපැල් කෙරී ඇත්තේ කැනඩාවෙනි. ඒ අනුව එය ධවල මන්දිරය වෙත එවූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කෙරී ඇතැයි බුද්ධි අංශ පවසයි. මෙම රයිසින් නමැති විෂ ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණයක් වුවද පුද්ගලයෙකු මරණයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් බව සඳහන් වෙයි. එහිදී එය ආඝ්‍රාණය කිරීම හෝ එන්නත් කිරීම හරහා සිරුරට ඇතුළු වෙයි.
මීට පෙරද මෙම මාරාන්තික රයිසින් විෂ යොදා ගනිමින් එක්සත් ජනපද ජනාධිපතිවරුන් වෙත ලිපි එවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වී තිබේ. 2014 වසරේදී ෂැනොන් රිචර්ඩ්සන් නම් නිළිය විසින් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා වෙත මෙන්ම නිව්යෝක් නගරාධිපතිව සිටි මයිකල් බ්ලූම්බර්ග් වෙතද මෙවැනි රයිසින් විෂ සහිත තැපැල්පත් එවා තිබුණි. එහිදී සාක්ෂි සහිතව ඇය ඊට වැරදිකාරිය බවට ඔප්පු වූ අතර වසර 19ක සිරදඬුවම් ඇයට නියම වී තිබේ.