නව කොරෝනා වෛරසය බිහිසුණු අයුරින් ඇමෙරිකාවේ පැතිර ගියේ තමන් වෛරසය අවතක්සේරු කළ නිසා යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබේ.


තමන් වෛරසය අවතක්සේරු කළ බව ට්‍රම්ප් පිළිගෙන ඇත්තේ, සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේදීය. එම සම්මුඛ සාකච්ඡාව ඇසුරින්, වුඩ්වර්ඩ්, රේජ් නමින් ග්‍රන්ථයක් පළ කිරීමට නියමිතය. ‘රේජ්' ග්‍රන්ථයටෙ තේමා වන්නේ ඇමෙරිකන් ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණ දුන් අභියෝගය.  'රේජ්" ග්‍රන්ථය ලබන 15 වැනිදා එළිදැක්වීමට නියමිතය.

'මා ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. කොරෝනා වෛරසය හිස ඔසවද්දී මා කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකානු වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවයි. ජනතාව බිය ගැන්වීමට මට ඕනෑ වුණේ නැහැ යැයි ජනපති ට්‍රම්ප්, වුඩ්වර්ඩ් සමග පැවැත් වූ එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 31 වැනිදා පැවැත්වීමට නියමිතය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ය.

කොරෝනා වෛරසය ඇමෙරිකාවේ ව්‍යාප්ත වූයේ ට්‍රම්ප් පරිපාලනයේ නොසැලකිල්ල නිසා යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා නගති. වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සිදුවුණු ජීවිත හානි සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් වගකිව යුතු බවත්, තමා බලයට පත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් පවසා තිබේ.

චීනයෙන් ඇරැඹුණු ‘කෝවිඩි 19' හෙවත් නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, ඊයේ (10) වනදා වන විට ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 6,354,900 කි. මරණ වාර්තා වන්නේ 1.90,600 ක් ලෙසය.